ශ්‍රී ලංකා පොලීසියට ‘Speed Gun’’

ශ්‍රී ලංකා පොලීසියට ‘Speed Gun’’

ශ්‍රී ලංකා පොලිසිය විසින් රුපියල් මිලියන 91 කට වැඩි වටිනාකමකින් යුත් තත්ත්වයෙන් උසස් වේග මාපක උපකරණ 30ක් බෙදාදීම සිදු විය.

ඒ, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ ප්‍රධානත්වයෙන් පොලිස් මූලස්ථානයේ ඊයේ(11) පැවති උත්සවයකදීය.

එහි පළමු අදියරේ කොටසක් ලෙස මීගමුව, කැලණිය, සහ ගම්පහ යන ප්‍රදේශවල මෙන්ම බස්නාහිර පළාතේ දකුණු රථවාහන අංශයේ ප්‍රාදේශීය නිළධාරීන් සඳහා මෙම උපකරණ බෙදා දී තිබේ.

අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද වේග මාපක උපකරණ සඳහා ලේසර් තාක්ෂණය භාවිත කරන අතර රාත්‍රී මෙහෙයුම් සඳහා එම වේග මාපක උපකරණ ඵලදායී බව පැවසේ.

2024 වසරේදී මෙරට තුළ රථවාහන අනතුරු 24,589ක් වාර්තා වී ඇත.

ඉන් 2,242ක් මාරක අනතුරුවන අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 2,253ක් වේ.

අධික වේගයෙන් රිය පැදවීමේ සිද්ධීන් 31,182 ක් එම කාලය තුළදී පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර, ඉකුත් වසරේ සිදුවූ රිය අනතුරුවලින් අනතුරු 731 ක්ම සිදුව ඇත්තේ අධික වේගය නිසා බව පොලිසිය පවසයි.

මෙම නව ක්‍රියාමාර්ග හරහා එවැනි සිදුවීම් අවම කිරීම පොලිසියේ අරමුණ වී තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න