'clean sri lanka' වැඩසටහනට රාජ්‍ය නොවන සංවිධානවල පුර්ණ සහය

'clean sri lanka' වැඩසටහනට රාජ්‍ය නොවන සංවිධානවල පුර්ණ සහය

clean sri lanka වැඩසටහන සදහා රාජ්‍ය නොවන සංවිධානවල අදහස් විමසිමේ වැඩසටහනක් පසුගිය 10 වැනිදා මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ කැඳවීමකට අනුව, අමාත්‍යංශයේ අතිරේක ලේකම් දමයන්ති කරුණාරත්න ගේ ප්‍රධානත්වයෙන්, “ක්ලීන් ශ්‍රී ලංකා” සඳහා වූ ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ සහභාගිත්වයෙන් සාකච්ඡාව පැය දෙක හමාරකට අධික කාලයක් පැවැත්වුණි.

වැඩසටහන අවසාන භාගයේදී මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුළිල් වටගල  ද එක් වූ අතර clean sri lanka වැඩසටහන සඳහා රාජ්‍ය නොවන සංවිධානවල සහභාගිත්වය හා සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලීමක් ද කෙරිණි.

එයට සහභාගි වූ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින්, මෙවැනි වැඩසහනක් ඉමහත් බලාපොරොත්තුවෙන් සිටි වැඩසටහනක් බවත්, එම වැඩසටහන තුළින් සමාජයට විශාල බලපෑමක් සිදු කිරීමේ හැකියාවක් පවතින බවත්, එහෙත් වැඩසටහන පිලිබද පූර්ව දැනුවත් කිරීම් සිදු කොට ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයද ඔවුන් විසින් දන්වන ලදී.

රාජ්‍ය නොවන සංවිධාන හා සිවිල් සංවිධාන ජාතික එකමුතුව, ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සාමූහිකය හා එම කණ්ඩායම් දෙකටම අයත් නොවන රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයන්ද මෙම අවස්ථාවට සහභාගි වී සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න