නව සංචාරක කලාප 13ක්

නව සංචාරක කලාප 13ක්

නව සංචාරක කලාප 13 ක් හඳුනාගෙන තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම්  සඳහන් කළේ, මේ වනවිට මෙරට සංචාරක කලාප 26ක් නම් කර ඇති බවයි.

යාපනය – කුච්චවෙලි, අනුරාධපුර,පොළොන්නරුව,මහනුවර,මාතලේ සහ ත්‍රිකුණාමළය වැනි ප්‍රදේශවල නව සංචාරක කලාප පිහිටුවන බව ද සභාපතිවරයා සදහන් කළේ ය.

බුද්ධික හේවාවසම්  තවදුරටත් සඳහන් කළේ මේ වන විට හෝටල්වලට කාමර වෙන්කරවා ගැනීමේ ප්‍රමාණ නැවත 80% දක්වා ඉහළ යමින් පවතින අතර එය වසර පහකට ආසන්න කාලයක් තිස්සේ සංචාරක ක්ෂේත්‍රයේ නොතිබූ ප්‍රබෝධමත් මට්ටමක් ඉස්මතු කරන බවයි.

සංචාරක ව්‍යාපරයේ හොඳම වසර ඉදිරියෙන් ඇති බවත් මේ වසරේ ශීත සෘතුව, ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරන බවත් ඔහු පවසයි.

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තුළ 2029 වසර වන විට මීට පෙර ළඟා කර ගැනීමට අපොහොසත්වූ ඉලක්කද සපුරා ගත හැකි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම්  වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර, පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන කිහිපයක් රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සඳහා විවෘත කිරීමට රජයේ අවදානය යොමු වී තිබේ.

බුද්ධසාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක  සඳහන් කළේ, ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සීගිරිය ඒ සඳහා පළමුව තෝරාගෙන ඇති බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න