ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති CID යයි

ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති CID යයි

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ ආයතන හා නිලධාරීන් ඉලක්ක කරගනිමින් අසත්‍ය, පදනම් විරහිත සහ අදාළ නොවන චෝදනා මාධ්‍ය මගින් එල්ල කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය මනුජ් සී වීරසිංහ  කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙහි දී සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඖෂධ සැපයුම් ජාලය මෙන්ම සෞඛ්‍ය සේවාවේ නිරත නිලධාරීන් ඉලක්ක කර අසත්‍ය, පදනම් විරහිත සහ අදාළ නොවන චෝදනා මාධ්‍ය මගින් එල්ල කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු අදහස් දක්වමින් ආචාර්ය මනුජ් සී වීරසිංහ මහතා පැවසීය.

පසුගිය සති කිහිපයක සිට මෙලෙස අඛණ්ඩව අසත්‍ය චෝදනා එල්ල කරමින් සිටින බවත්, එය නිවැරදි ව තීන්දු තීරණ ගැනීමට මෙන් ම ක්‍රියාකිරීමට ද මහත් බාධාවක් බවත් පැවසු ආචාර්ය මනුජ් සී වීරසිංහ මහතා රජයේ සෞඛ්‍ය සේවාවන් බිද වැට්ටවීම හෝ කඩාකප්පල් කිරීමේ අවශ්‍යතාවයක් මත මෙලෙස කටයුතු කරන්නේ ද යන සැකය මතුවී ඇති බැවින් මෙම කරුණූ සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව ද වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න