Language Switcher

Ad

Ad 01

V2025

දුම්රිය ආසන වෙන් කිරීමේ නව කොන්දේසි

දුම්රිය ආසන වෙන් කිරීමේ දී දුම්රියේ ගමන් කිරීමට නියමිත මඟියාගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, දුම්රිය ස්ථානයට ඇතුළු වීමේ දී හා දුම්රිය තුළ දී ප්‍රවේශ පත්‍රය පරීක්ෂා කිරීමේ දී ප්‍රවේශ පත්‍රයේ සඳහන් ජාතික හැඳුනුම්පත් අංකය හෝ විදෙස් ගමන් බලපත්‍ර අංකය පරීක්ෂා කර තහවුරු කර ගත යුතු බවයි සඳහන් වෙයි.

එමෙන්ම, 2025.01.01 දින සිට වෙන් කළ ආසන ප්‍රවේශපත්‍ර මුදල් ආපසු ඉල්ලුම් කිරීමේ දී ප්‍රවේශ පත්‍ර හිමිකරුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා අනිවාර්යෙන්ම මඟියාගේ ජාතික හැඳුනුම්පතෙ හෝ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කළ යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.