සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමට UNOPS සහාය

සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීමට UNOPS සහාය

එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා සඳහා වන කාර්යාලයේ (UNOPS) දකුණු ආසියානු කාර්යාලයේ අධ්‍යක්ෂ චාල්ස් කැලනන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  හමුවී ඇත.

මෙහිදී ප්‍රධාන සංවර්ධන ක්ෂේත්‍රවල UNOPS සහ ශ්‍රී ලංකා රජය අතර සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡාවේදී අවධානය යොමු ඇත.

මෙරට තීරණාත්මක සහ වැදගත් අංශ ගණනාවක් ඩිජිටල්කරණයට ලක් කිරීම, පාලනය වැඩිදියුණු කිරීම සහ පාරිසරික හා සැපයුම් අභියෝගවලට විසඳුම් සෙවීම පිළිබඳව මෙම හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.

ප්‍රවේශ්‍යතාව සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ඩිජිටල් විසඳුම් හරහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය නවීකරණය කිරීමේ අවශ්‍යතාවයයි අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කර ඇත.

සෞඛ්‍ය සේවා සැපයීම වැඩිදියුණු කිරීමට ඇති හැකියාව ඉස්මතු කරමින් මෙම මුලපිරීම සඳහා UNOPS හි සහය ලබා දෙන බවට කැලනන් මහතා මෙහිදී සහතික වී ඇත.

ශ්‍රී ලංකා රජයේ විවිධ ව්‍යාපෘති සඳහා UNOPS හි දායකත්වය ලබාදීම සම්බන්ධයෙන් ආචාර්ය අමරසූරිය සිය කෘතවේදීත්වය පළ කර තිබේ.

අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ සහ මානව හිමිකම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුභාෂිනි සිල්වා ද මෙම හමුවට එක් ව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න