අපරාධකරුවන්ට තවදුරටත් දේශපාලන රැකවරණය නැහැ – වැඩබලන පොලිස්පති

අපරාධකරුවන්ට තවදුරටත් දේශපාලන රැකවරණය නැහැ – වැඩබලන පොලිස්පති

නව රජයේ ප්‍රතිපත්ති සමඟ සංවිධානාත්මක අපරාධකරුවන්ට තවදුරටත් දේශපාලන රැකවරණය හිමි නොවන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අවධාරණය කරයි.

ඔහු මේ බව සඳහන් කළේ ‘නව රජයේ වැඩපිළිවෙල සමග පොලීසියේ කාර්යභාරය’ යන තේමාව යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමවුකට ඊයේ (17) එක්වෙමිනි.

විදෙස් රටවල සිටින අපරාධකරුවන් පිළිබඳව රතු නිවේදන ලබාගෙන ඉතා ඉක්මණින් ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන බවයි වැඩබලන පොලිස්පතිවරයා මෙහිදී කියා සිටියේය.

අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට පොලීසියට වගකීමක් ඇති බවද අවධාරණය කළ ඒ මහතා අපරාධ මර්දනය පිළිබඳව පසුගිය කාලයේ නිසි ලෙස ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වීම හේතුවෙන් අපරාධකරුවන් වැඩි වශයෙන් බිහිවූ බවද සඳහන් කළේය.

මේ අතර මේ දිනවල අපරාධ වැඩිවීමක් දක්නට ලැබීම පිළිබඳ අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ, එම අපරාධ මෙහෙයවන පුද්ගලයින් විදෙස්ගතව සිටි එම අපරාධ මෙහෙයවන බවයි.

“ඒ වගේම අපි දකින අනෙක් තිත්ත ඇත්ත තමා මේ අපරාධකරුවන් බන්ධනාගාරය තුළ ඉඳන් අපරාධ මෙහෙයවමින් ඉන්නවා. මේවා සම්බන්ධයෙන් අපි අඛණ්ඩව කටයුතු කරන අතර එම අපරාධ අවම කිරීමට කටයුතු කරනවා.” යනුවෙන් ද වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න