Language Switcher

Ad

Ad 01

V2025

පොලිසියට අලුතින් 9,000ක්

ශ්‍රී ලංකා පොලිසියට නව නිලධාරින් 9,000ක් බඳවා ගැනීමට පියවර ගෙන තිබේ.

මේ වනවිට පොලිසියේ රාජකාරියේ නිරත නිලධාරින් සංඛ්‍යාව 75,000කට ආසන්නය.

එම නිලධාරින් රථවාහන පාලනය, අපරාධ හා මත්ද්‍රව්‍ය පාලනය යන මෙහෙයුම් වල නිරතව සිටි.

ඒ සියලු කටයුතු සිදුකිරීමට දැනට සිටින නිලධාරින් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අලුතින් පොලිස් නිලධාරින් බඳවා ගැනීමට තීරණය කළ බව පොලිසිය සඳහන් කරයි.