රටින් බැහැරට ගිය වත්කම් නැවත අත්පත් කරගන්න සහය දෙන්න සූදානම් ! - ස්විට්සර්ලන්ත තානාපතිනිය

රටින් බැහැරට ගිය වත්කම් නැවත අත්පත් කරගන්න සහය දෙන්න සූදානම් ! - ස්විට්සර්ලන්ත තානාපතිනිය

ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට්  දැනුම්දී  ඇත.

 අද(24) පෙරවරුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක  හමු වූ අවස්ථාවේදී ඇය මේ පිළිබද සදහන් කර ඇත.

ජනාධිපති කාර්යාලයේදී ස්විට්සර්ලන්ත තානාපතිනිය ජනාධිපති ලේකම්වරයා හමු විය.

වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තානාපතිනිය මෙහිදී මග පෙන්වීමක් සිදු කර ඇති අතර ඒ සඳහා මූලික පහසුකම් සැපයීමට අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක සහාය ලබා දීමට ද එකඟ වී තිබේ.

ශ්‍රී ලංකා රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළ සඳහා ස්විට්සර්ලන්තයේ අත්දැකීම් සහ තාක්ෂණික දැනුම ලබා දීමට ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

රජයේ ප්‍රමුඛ වැඩසටහන් සඳහා ස්විට්සර්ලන්ත රජයේ තාක්ෂණික සහ අවශ්‍ය අනෙකුත් සහාය ලබා දීමටත්, ක්ලීන් ශ්‍රී ලංකා වැඩපිළිවෙළට ලබා දිය හැකි සහාය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න