නව ගුවන් හමුදාපති පත් කරයි

නව ගුවන් හමුදාපති පත් කරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 20 වන ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාෂල් වාසු බන්දු එදිරිසිංහ පත්කර තිබෙයි.

ඒ වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ එළඹෙන 29වනදා ධුරයෙන් විශ්‍රාම යෑම හේතුවෙන් ඇතිවන පුරප්පාඩුව සඳහායි.

1970 වසරේ මහනුවර දී උපත ලැබූ එයාර් වයිස් මාෂල් වාසු බන්දු එදිරිසිංහ මහනුවර ශාන්ත සිල්වෙත්තර විදුහලේ ආදි සිසුවෙකි.

ඔහු වත්මන් ගුවන් හමුදා සැලසුම් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන අතර, 1991 වසරේ දී 24 වන බඳවා ගැනීම් කැඩෙට් නිලධාරියෙකු ලෙස ගුවන් හමුදා සේවයට එක්ව තිබෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න