සුවසැරියට නව පණක්

සුවසැරියට නව පණක්

“සුවසැරිය” ගිලන්රථ සේවාව තවදුරටත් පුළුල් සේවාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමටත්, එම සේවාවේ පවතින ගැටළුවලට කඩිනම් විසඳුම් ලබාදෙමින් කාර්යක්ෂම සේවාවක් ලෙස ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා නව සැලැස්මක් යටතේ ක්‍රියාකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගියදා රාජගිරියේ පිහිටි සුවසැරිය ගිලන් රථ සේවා මධ්‍යස්ථානයේ දී පැවැති සාකච්ඡාවකට එක් වෙමින්.

ආරම්භයේදී ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ක්‍රියාත්මක වූ “සුවසැරිය” ගිලන්රථ සේවාව මේ වනවිට ශ්‍රී ලංකා රජය පවත්වාගෙන යනු ලැබේ.

මෙහිදී සුවසැරිය ගිලන් රථ සේවාවේ වත්මන් ක්‍රියාකාරීත්වය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ පරීක්ෂාවට ලක්වූ අතර, එහිදී හදිසි විදාන සහ පාලන අංශය, දුරකථන ඇමතුම් සම්බන්ධතා ඒකකය ඇතුලු අංශ කිහිපයක් මෙන්ම “සුවසැරිය” ගිලන් රථයක් ද අමාත්‍යවරයාගේ පුළුල් නීරීක්ෂණයට ලක් විය.

අනතුරුව 1990 “සුවසැරිය” පදනම අධ්‍යක්ෂ මණ්ඩලය සමග ගිලන් රථ සේවාවේ වත්මන් ක්‍රියාකාරීත්වය, ඉදිරි මෙහෙයුම් කටයුතු සහ යෝජිත සැලසුම් මෙන්ම පවතින ගැටළු පිළිබඳවද විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න