අත්අඩංගුවට පත් මායාදුන්නේට ඇප.....

අත්අඩංගුවට පත් මායාදුන්නේට ඇප.....

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්නේව අද (30) දහවල් අත්අඩංගුවට ගෙන ඇති අතර, අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.

සැකකරුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ අතර එහිදී රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියෝග කර ඇත.

2011 වසරේදී ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරීම වෙනුවෙන් කුරුණෑගල පවත්වා ඇති ඉසුරු සවිය නම් සැමරුම් උත්සවය සඳහා සමූපකාර අරමුදලින් මුදල් වැය කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග  සඳහන් කළේ, එහි විමර්ශන උදෘත නීතිපතිවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් සැකකරුට එරෙහිව චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබූ බවය.

ඒ අනුව, එවක සමූපකාර සහ අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ ප්‍රියන්ත කුමාර මායාදුන්නේ අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශන සිදුකරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න