දිනකට පාස්පෝට් 4,000ක් : පාස්පෝට් කන්තෝරුව පැය 24ම වැඩ

දිනකට පාස්පෝට් 4,000ක් : පාස්පෝට් කන්තෝරුව පැය 24ම වැඩ

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, ඒ ඔස්සේ දිනකට විදෙස් ගමන් බලපත්‍ර 4,000ක් බැගින් නිකුත් කිරීමට නියමිත බව අද (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස  කියා සිටියේය.

ඒ සඳහා අවශ්‍ය අතිරේක කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා, එම දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලබා ඇති නිලධාරින්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව මත කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීම මඟින් සහ දැනට රජයේ සේවයේ නිරත නිලධාරින්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විමසමින් අනුයුක්ත කර ගැනීම මඟින් සලසා ගැනීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ නිර්දේශය අනුව “පී” කාණ්ඩයේ චිපය රහිත හිස් විදේශ ගමන් බලපත්‍ර 1,100,000ක් වත්මන් සැපයුම්කරු වෙතින් සපයා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න