මත්තල ගුවන්තොටේ වාර්ෂික පාඩුව රු. බිලියන 3.2යි

මත්තල ගුවන්තොටේ වාර්ෂික පාඩුව රු. බිලියන 3.2යි

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තවදුරටත් වාර්ෂිකව රුපියල් බිලියන 3.2ක පාඩුවක් ලබන බව වරාය හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි. 

පාඩුව අවම කිරීම සඳහා මේ වනවිට සැලසුම් සකස් කරමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු  සඳහන් කළේය.

ඒ අනුව මත්තල ගුවන්තොටුපොළට පැමිණෙන යානා ගොඩබැස්වීමේ ගාස්තුවෙන් නිදහස් කිරීමට තීරණය කර ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.

නව තීරණයක් සමග ගුවන් සමාගම් 06ක් මත්තල ගුවන්තොටුපොළට සිය යානා ගොඩබැස්වීමට එකඟතාව පළ කර තිබෙන අතර මත්තල ගුවන්තොටුපොළේ වාර්ෂික මගී මෙහෙයුම් ධාරිතාව ලක්ෂ 10 කි.

එහෙත් මේ වනවිට මත්තල ගුවන්තොටුපොළට පැමිණෙන්නේ වාර්ෂිකව මගීන් ලක්ෂයක් පමණක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන් අතර
එම සංඛ්‍යාව මේ වසරේදී ලක්ෂ 2ක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේ ය.

රුවන් කොඩිතුවක්කු මහතා පැවසුවේ, මත්තල ගුවන්තොටුපොළ වටා ඇති 17 KM ක් දිග ආරක්ෂිත වැටද අබලන් වී ඇති බවයි.

එය නවීකරණය කර ගුවන්තොටුපොළේ ආරක්ෂාව තහවුරු කිරීමටද පියවර ගන්නා බව ඔහු සඳහන් කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න