ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය

ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය සම්බන්ධීකාරක Marc-Andre Franche  සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් ඊයේ(04) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා ප්‍රධාන අංශයන් කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රි ලංකාව අතර පවතින සහයෝගීතාවය පිළිබඳව ප්‍රධාන වශයෙන් මෙහිදී සාකච්ඡා විය.

එක්සත් ජාතීන්ගේ නිත්‍ය සම්බන්ධීකාරකවරයා ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් සිය සුබපැතුම් පළ කළ අතර මෙරට දරිද්‍රතාවය පිටුදැකීම, ඩිජිටල්කරණය සහ Clean Sri Lanka වැඩසටහන සම්බන්ධයෙන් රජය ගෙන යන වැඩ පිළිවෙළ ඇගයීමට ලක් කළේය.

සෞඛ්‍යය, අධ්‍යාපනය, කෘෂිකර්මය, දේශගුණික විපර්යාස, සාමය ගොඩනැගීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇතුළු ප්‍රධාන අංශ නවයක් කෙරෙහි ද සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර, වත්මන් සහ ඉදිරියේදී පැනනගින අභියෝග සඳහා ඒකාබද්ධ විසඳුම් සෙවීම පිළිබඳව දෙපාර්ශවයම අදහස් හුවමාරු කර ගත්හ.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ශක්තිමත් කිරීමේදී දේශපාලන බලමුලු ගැන්වීමේ කාර්යභාරය අවධාරණය කරමින් අපේක්ෂකයින් ලෙස පමණක් නොව ක්‍රියාකාරී ඡන්ද දායකයින් ලෙසද දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ දෙපාර්ශවයේ අවධානය යොමුවිය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි  ඇතුළු මෙරට නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න