වෙරළ ‘Clean’ කිරීමේ වැඩපිළිවෙල අද සිට

වෙරළ ‘Clean’ කිරීමේ වැඩපිළිවෙල අද සිට

Clean Sri Lanka වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙරළ පවිත්‍රතා වැඩසටහනේ ‘සුන්දර වෙරළක් ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්’ සමාරම්භක වැඩසටහන හෙට(09) පෙරවරු 08.00ට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

එය මට්ටක්කුලිය, කාක දූපත වෙරළ තීරයේ දී පැවැත්වේ.

මෙම වැඩසටහනට සමගාමීව බස්නාහිර හා දකුණ පළාත් ආවරණයවන පරිදි තවත් ස්ථාන 124 දී මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන් පෙ.ව. 8.00 සිට 11.00 දක්වා ක්‍රියාත්මක වනු ඇත.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (08)පැවැත්වුණි.

රට පුරා කිලෝමීටර් 1,740 ක වෙරළ තීරයක් පිරිසිදු කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ජනාධිපති අතිරේක ලේකම් ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර  පැවසීය.

ඒ් අනුව මෙම වැඩසටහන ඔස්සේ වෙරළ පිරිසිදුකම, සංරක්ෂණය, ආරක්ෂාව සහ නරඹන්නන්ගේ අත්දැකීම් වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරන බව සුගීෂ්වර මහතා පැහැදිලි කළේය. ශ්‍රී ලංකාව සුන්දර වෙරළ තීරයන්ගෙන් වටවී තිබුණද, ධීවර ජනගහනය ඇතුළු දේශීය ප්‍රජාවන්ට ඒවායෙන් එන සැලකිය යුතු ප්‍රතිලාභ තිබියදීත්, ඒවායේ පාරිසරික තිරසාරභාවය සහ පිරිසිදුකම බොහෝ විට නොසලකා හැර ඇති බව ඔහු පැවසීය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න