ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පවත්වා ඇත.
ශ්‍රී ලංකාවේ බදු ප්‍රතිපත්තිය, බදු ආදායම් ඵලදායී කළමනාකරණය සහ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ ක්‍රියාමාර්ග ඇතුළු ප්‍රධාන ආර්ථික කරුණු පිළිබඳවයි මෙම හමුවේදී අවධානය යොමු වී තිබේ.
ආර්ථික ස්ථාවරත්වය සහතික කිරීම සහ තිරසාර වර්ධනයක් ඇති කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ සාකච්ඡා කළ අග්‍රාමාත්‍යවරිය, රජයේ අනාගත සංවර්ධන න්‍යාය පත්‍රය පිළිබඳව ද කරුණු සාකච්ඡා කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ආචාර්ය පී.කේ.ජී. හරිස්චන්ද්‍ර සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි යන ෙ මෙම සාකච්ඡාවට සහභාගී වී තිබෙන බවද වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
