රාජ්‍ය සේවයේ පුරප්පාඩු 7,456ක් පිරවීමට අනුමැතිය

රාජ්‍ය සේවයේ පුරප්පාඩු 7,456ක් පිරවීමට අනුමැතිය

රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ සඳහා අත්‍යවශ්‍ය බඳවා ගැනීම් ප්‍රමාණය හඳුනාගෙන ගනිමින් 7,456ක පිරිසක් රාජ්‍ය සේවය සඳහා බඳවාගැනීම් සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

මේ සඳහා අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත් කිරීමට ඉකුත් දෙසැම්බර් 30 වැනිදා පැවති රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

එම කමිටුව වෙත ඒ ඒ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පවතින තනතුරු පුරප්පාඩු නම්කර තිබේ.

ඒ අනූව එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතය.

මේ සඳහා අදාළ අමාත්‍යාංශ සහ ආයතන වෙත අනුමැතිය ලබා දීම පිණිස අග්‍රාමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.

Capture 3

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න