යෝෂිතට සහ ඩේසි මිත්තණියට නඩු

යෝෂිතට සහ ඩේසි මිත්තණියට නඩු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහට එරෙහිව නීතිපතිවරයා අද (14) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරමින් නඩු පවරා තිබේ.

ඒ, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදු කිරීම ඇතුළු චෝදනා තුනක් යටතේයි.

චෝදනා ගොනු කෙරුණේ, රුපියල් ලක්ෂ 500 කට අධික මුදලකට, රත්මලාන සිරිමල් උයනේ සහ දෙහිවල ප්‍රදේශයේ ඉඩම් ඇතුළු දේපොළ මිලදී ගැනීම සම්බන්ධයෙනි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පසුගිය ජනවාරි 25 වැනි දා සැකකාර යෝෂිත රාජපක්ෂ  අත්අඩංගුවට ගත්තේ ය.

ඒ, සිරිමල් උයන ප්‍රදේශයේ පිහිටි පර්චස් 34.5 ක ඉඩමක් රුපියල් ලක්ෂ 360කට අධික මුදලක් යොදවා මිලදී ගැනීමේ සිද්ධියට අදාළවයි.

එදින පස්වරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කළ යෝෂිත රාජපක්ෂ ජනවාරි 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඉකුත්  ජනවාරි 27 වැනි දා ඔහු ඇප මත මුදා හැරුණේය. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න