කාන්තා දිනයට ‘ජාතික කාන්තා සතියක්‘

කාන්තා දිනයට ‘ජාතික කාන්තා සතියක්‘

ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සමගාමීව මාර්තු 02 වැනිදා සිට 08 වැනිදා දක්වා ‘ජාතික කාන්තා සතියක්’ ප්‍රකාශයට පත්කර තිබේ.

මෙවර ජාත්‍යන්තර කාන්තා දින සැමරුම ”සියලුම කාන්තාවන් සහ ගැහැනු දරුවන් සඳහා: අයිතිවාසිකම්, සමානත්වය, සවිමත් කිරීම” යන්න තේමාව කර ගනිමින් පවත් වන අතර එම දිනයට සමගාමීව ‘තැනුමට තිරසර හෙටක් – සවිමත් ඇය වේ මඟක්’ යන්න ප්‍රධාන තේමාව කර ගනිමින් 2025 මාර්තු 02 වැනිදා සිට 08 වැනිදා දාක්වා ‘ජාතික කාන්තා සතිය’ ප්‍රකාශයට පත් කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් 1977 වර්ෂයේදී, මාර්තු 08 වැනි දින ජාත්‍යන්තර කාන්තා දිනය වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. එතැන් සිට වර්තමානය දක්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලු සාමාජික රටවල් විසින් සෑම වර්ෂයකම මාර්තු 08 වැනි දින ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලැබේ.

ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුම ද ඇතුළත්ව ජාතික, පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කාන්තා සහ ළමා කටයුතු ඇමැති සරෝජා පෝල්රාජ් මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න