අදානි සුළං බල විදුලි ව්‍යාපෘතිය තවමත් අවලංගු කර නැහැ – අමාත්‍ය කුමාර ජයකොඩි

අදානි සුළං බල විදුලි ව්‍යාපෘතිය තවමත් අවලංගු කර නැහැ – අමාත්‍ය කුමාර ජයකොඩි

අදානි සමාගම සමග සිදුකිරීමට නියමිතව තිබූ සුළං බලවිදුලි ව්‍යාපෘතිය මෙතෙක් අවලංගු කර නොමැති බව බලශක්ති අමාත්‍ය අමාත්‍ය කුමාර ජයකොඩි  පවසයි.

ඔහු මේ බව පැවසුවේ බලශක්ති අමාත්‍යංශයේ උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමින් ය.

අදානි සමාගමේ විදුලි ව්‍යාපෘතියේ මිල ගණන් වැඩි බැවින් ඒ පිළිබඳ සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලයට යොමු කළ බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

ඔහු පැවසුවේ, එම අවස්ථාවේ ඉන්දීය අදානි මව් සමාගම එම ව්‍යාපෘතියෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලිපියකින් දැනුම් දී ඇති බවයි.

ඒ අනුව ආයෝජන මණ්ඩලය ඒ පිළිබඳව අමාත්‍යාංශය දැනුවත් කර තිබේ.

සුළං විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජය සාකච්ඡා කළේ, අදානි සමාගමේ ලංකාවේ පිහිටි නියෝජිත ආයතනය සමග බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ඒ හේතුවෙන් මේ සම්බන්ධයෙන් සලකා බලන ලෙස එම ආයතනය දැනුවත් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා එම ලිපියට දෙසතියක් ඇතුළත පිළිතුරු අපේක්ෂා කරන බවද පැවසුවේ ය.

සති දෙකක් ඇතුළත සෘණාත්මක පිළිතුරක් ලැබුණහොත් පමණක් විකල්පයකට යොමුවීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න