මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම් දීමක්

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම් දීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් නාම යෝජනා භාරදීමට අපේක්ෂිත දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක  දැනුම් දෙන්නේ ඒ අනුව නිවැරදිව හා පැහැදිලිව සම්පූර්ණ කරන ලද නාම යෝජනා පත්‍රයේ එක් පිටපතක් පමණක් ඒ සඳහා අමුණා තිබිය යුතු සියලු ඇමුණුම් සහිතව නියමිත කාලසීමාව තුළ අදාල දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරිවරයා වෙත භාරදෙන ලෙසය.

තරුණ අපේක්ෂකත්වය තහවුරු කිරීම සඳසා අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරයෙකු විසින් සහතික කරන ලද උප්පැන්න සහතිකයේ පිටපතක් ඉදිරිපත් කළ යුතු අතර එසේ නොමැති විටක සාමදාන විනිශ්චයකාරවරයකු හෝ දිවුරුම් කොමසාරිස්වරයෙකු විසින් සහතික කල වයස සනාථ කෙරෙන දිවුරුම් ප්‍රකාශයක් නාම යෝජනා පත්‍රයට අමුණා තිබිය යුතු බවයි.

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාරගැනීම ලබන සඳුදා ආරම්භ වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක  ඡන්ද අපේක්ෂකයින්ට දැනුම් දෙන්නේ ලබන සඳුදා දිනයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන බැවින් විභාග අපේක්ෂකයින්ට බාධා වන ලෙස කටයුතු කිරීමෙන් වළකින ලෙසය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න