අනුරපුර වෛද්‍යවරියගේ සොරා ගත් දුරකතනය හමුවෙයි : සැකකරු 24 දක්වා යළි රිමාන්ඩ්

අනුරපුර වෛද්‍යවරියගේ සොරා ගත් දුරකතනය හමුවෙයි : සැකකරු 24  දක්වා යළි රිමාන්ඩ්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික හිංසනයක් සිදුකළ සැකකරු විසින් කොල්ලකන ලද ‘අයි ෆෝන්’ වර්ගයේ ජංගම දුරකථනය සැකකරු සැඟව සිටි කැලෑවේ සඟවා තිබියදී සොයාගත් බව ගල්නෑව පොලිසිය පවසයි.

පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ගල්නෑව පොලිස් වසමේ නිදිකුම්භා යාය සහ මහමෙව්නා අසපුව අතර කැලෑ කොටසේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම ජංගම දුරකථනය හමුවූ බව පොලිසිය සඳහන් කළේය.

මේ අතර අනුරාධපුර වෛද්‍යවරියකට ලිංගික හිංසනයක් සිදු කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු එළැඹෙන 24වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. සැකකරු අද (17) අනුරාධපුර මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මහෙස්ත්‍රත්වරයා මෙම නියෝගය ලබා දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න