2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වෙයි.
විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින පුරා මධ්‍යස්ථාන 3,663කදී පැවැත්වෙන විභාගය සඳහා සිසුන් 474,147දෙනෙක් පෙනී සිටීමට නියමිත බවයි.
එමෙන්ම පාසල් අයදුම්කරුවන් 398,182දෙනෙක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 75,965දෙනෙක් විභාගය සඳහා අයදුම්කර ඇත.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් විභාග ශාලාවට මිනිත්තු 30කට පෙර පැමිණිය යුතු බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
