පළාත් පාලන ඡන්දයට නාමයෝජනා භාර ගැනීම අද සිට.....

පළාත් පාලන ඡන්දයට නාමයෝජනා භාර ගැනීම අද සිට.....

2025 පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා භාර ගැනීම අදින් ආරම්භ විය.

උදෑසන 8.30 සිට පස්වරු 4.15 දක්වා එම කටයුතු සිදු කිරීමට නියමිතය.

දිස්ත්‍රික් ලේකම් කාර්යාවලදී නාම යෝජනා භාර ගැනීම සිදුවන්නේ, තේරීම් භාර නිලධාරීන්ගේ මූලිකත්වයෙන් ය.

සාමාන්‍ය පෙළ විභාගයට බාධා නොවන අයුරින් නාම යෝජනා භාරදීමේදී කටයුතු කරන්නැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, අපේක්ෂකයින්ට දැනුම් දෙයි.

පළාත් පාලන ආයතන 336 ක් සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත් භාරගැනීම ද, අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

මැතිවරණ දිනය, ලබන 20 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න