දේශබන්දු අධිකරණය හමුවට

දේශබන්දු අධිකරණය හමුවට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය පෙරේදා තීන්දු කළේය.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

එවැනි පසුබිමක අද (19) පෙරවරුවේ ඔහු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී ඇත.

දේශබන්දු තෙන්නකොන් රැදී සිටින බවට සැකකෙරෙන විවිධ ස්ථාන රාශියක් පිළිබදව සෝදිසි මෙහෙයුම් සිදුකර තිබු අතර දේශබන්දු තෙන්නකෝන් ගේ නීතීඥයන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය මගින් ඉවත දමා නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට කළ නියෝග මත රහස් පොලිස් විමර්ශන කණ්ඩායම් වැඩිකර තිබිණ.

මේ අතර වැඩබලන පොලිස්පතිවරයාගේ සෘජු අධික්ෂණය යටතේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක කරමින් ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබු අතර එම මෙහෙයුමට බුද්ධි අංශ සහයෝගයද ලබාගෙන තිබිණ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න