Language Switcher

Ad

Ad 01

V2025

ආරක්ෂාව ඉල්ලූ මහින්දගේ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ වෙයි

නිසි ඇගයීමකින් තොරව තමන්ට ලබාදී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට රජය ගෙන තිබූ තීරණය අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (19) විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කර ඇත.

මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ මෙම පෙත්සම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.

මහින්ද රාජපක්ෂ සිය නීතිඥවරුන් හරහා ගොනු කර ඇති පෙත්සමේ සඳහන් කර තිබුණේ නිසි ආරක්ෂක තක්සේරුවකින් තොරව සිය ආරක්ෂාව සඳහා සපයා තිබූ ආරක්ෂක නිලධාරී සංචිතයෙන් නිලධාරීන් 60 දෙනෙකු පමණක් ඉතිරි කොට සෙසු සියලු දෙනා ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.