දේශබන්දු රිමාන්ඩ්

දේශබන්දු රිමාන්ඩ්

අධිකරණයට භාර වූ දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබේ.

අද උදෑසන මාතර මහේස්ත්‍රාත් අදීකරණය වෙත පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  ඉදිරිපත්වීමෙන් අනතුරුව අද පස්වරුවේ නඩුව විභාගයට ගෙන ඇත.

ඒ අනුව නඩුව හෙට දිනයේ යලි කැදවීමටයි අධිකරණය නියෝග කර ඇත.

2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවූ වෙඩි තැබීමක් අතරතුර පොලිස් සැරයන්වරයෙකු මියයාම සම්බන්ධයෙන් එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ පසුගිය 27 වැනිදායි.

මේ අතර තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි දේශබන්දු තෙන්නකෝන්  රිට් පෙත්සමක් මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 11 වනදා විවෘත වරෙන්තුවක් ද නිකුත් කළේය.

ඔහුගේ රීට් පෙත්සම වැඩිදුර විභාග කිරීම පසුගිය 12 වනදා සිදුකෙරුණි.

එහිදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා  ඉල්ලා සිටියේ නඩුවට අදාළව තවත් සහතික කළ ලේඛන කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට ඇති බැවින් තීන්දුව එදින ප්‍රකාශයට පත් නොකරන ලෙසයි.

ඒ අනුව අදාළ නියෝගය 17 වනදා ප්‍රකාශයට පත් කරන බවට අභියාචනාධිකරණය එදින නියෝග කළේය.

ඒ අදාළ පෙත්සම දීර්ඝ ලෙස සළකා බැලීමෙන් අනතුරුවයි.

පසුගිය 17වනදා අදාළ නියෝගය දෙමින් අභියාචනාධිකරණය අදාළ පෙත්සම නිශ්ප්රෙභ කළ අතර නියෝග කළේ දේශබන්දු තෙන්නකෝන්  වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.

මෙවන් තත්ත්වයක් යටතේ ඔහු අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න