වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
දේශබන්දු තෙන්නකෝන් ඊයේ (19) උදෑසන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, අද (20) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේ ය.
දේශබන්දු තෙන්නකෝන් ඇතුලු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ, පසුගිය පෙබරවාරි 28 වැනිදායි.
ඒ, 2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙනි.
දින 20 ක් සැඟව සිටි දේශබන්දු තෙන්නකෝන් ඊයේ අධිකරණයට භාර වූයේ, මෝසමක් ගොනු කරමිනි.