2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මෙවර පිළිගත් දේශපාලන පක්ෂවලින් හා ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයින් 80,000කට ආසන්න පිරිසක් ඉදිරිපත්ව සිටී.
එම පිරිස ඉදිරිපත් වූයේ පිළිගත් දේශපාලන පක්ෂ 107 කින් හා ස්වාධීන කණ්ඩායම් 49 කින් ය.
ඉන් සභිකයින් 8500කට ආසන්න පිරිසක් තෝරාපත් කර ගැනීමට නියමිතය.
නාමයෝජනා භාර ගැනීම ඊයේ දහවල් 12 ට අවසන් විය.
ඡන්ද විමසීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර රැසක්ද ප්‍රතික්ෂේප වී තිබේ.
මැතිවරණ කොමිසම පැවසුවේ, මැයි 06 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බවයි.
මේ අතර, මැතිවරණ අපේක්ෂකයින්ගේ නම් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම ඉදිරි සතිය තුළ සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
