රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීතිරීති හා රෙගුලාසි සමාලෝචනයට ලක්කර සරල කිරීම සඳහා මහජන අදහස් හා යෝජනා කැඳවා ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලන සහ පළාත් පරිපාලනය යාන්ත්‍රණය තවමත් ක්‍රියාත්මක වන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ ආඥා පනත් සහ 1950 සිට 1970 දශකවල පනවනු ලැබූ නීති රෙගුලාසි හා ක්‍රියා පටිපාටි අනුවය.
එවකට පැවති සමාජ ආර්ථික තත්ත්වය, ප්‍රවාහන හා සන්නිවේදන යටිතල පහසුකම් පදනම් කරගනිමින් මෙම ක්‍රියා පටිපාටි ගොඩනගා ඇති අතර, වර්තමාන සංවර්ධන අවශ්‍යතා සහ මහජන කාර්යයන් ඉටුකිරීමට මෙම ක්‍රියා පටිපාටි කාලීනව සංශෝධනය විය යුතු බව අදාළ අමාත්‍යාංශය දැනුම් දෙයි.
ඒ අනුව පහත සඳහන් ආයතනවලින් ලබාගන්නා සේවා සම්බන්ධයෙන් නිරීක්ෂණය කර ඇති නීති, රෙගුලාසි හා ක්‍රියා පටිපාටි ගැටලු, එම ගැටලු විසඳීම සඳහා වූ යෝජනා පහත ලිපිනයට එවන ලෙසත් අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
සම්බන්ධීත රාජ්‍ය ආයතන –
අදහස් එවිය යුතු ලිපිනය –
විද්‍යුත් ලිපිනය –
Whatsapp – 00740896768
ලිපිනය – ප්‍රාදේශීය පරිපාලන ප්‍රතිසංස්කරණ අංශය, 17 වන මහළ, නිල මැදුර ඇල්විටිගල මාවත, කොළඹ 05
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
