Language Switcher

Ad

Ad 01

V2025

වරකාපොළ බස් රථ අනතුරකින් 40 දෙනෙකුට තුවාල

කොළඹ - නුවර මාර්ගයේ වරකාපොළ, හැලගල ප්‍රදේශයේ සිදුවූ බස් අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

එලෙස අනතුරට ලක්ව ඇත්තේ, කොළඹ සිට මහනුවර දෙසට සහ මහනුවර සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථ දෙකක් වන අතර
තුවාලකරුවන් වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබේ.