හිටපු ඇමති මර්වින් සිල්වා ලබන 03 වැනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (24) නියෝග කළේ ය.
ඒ ඔහු අද මහර මහේස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
හිටපු ඇමති මර්වින් සිල්වා ගොනුකළ ඇප අයදුම්පත ප්‍රතික්ශේෂ කරමින් මහේස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.
හිටපු අමාත්‍යවරයා ඇතුළු තුන්දෙනෙකු පසුගිය 06 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේ ය.
ඒ, රජයේ ඉදිකිරීමක් සඳහා පවරා දුන් ඉඩමක් පෞද්ගලික ගැනුම්කරුවෙකුට විකිණීමේ සිද්ධියක් මුල්කර ගනිමින් පොදු දේපල පනත යටතේ ගැණෙන වැරදි කළ බවට චෝදනා නගමිනි.
නඩුව ලබන 03 වැනිදා යළි කැඳවීමට නියමිතයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
