නව විදෙස් තානාපතිවරු තිදෙනෙකු ජනාධිති අනුර කුමාර දිසානායක වෙත අක්තපත්‍ර භාරදී තිබේ.
ඒ අද (24) ජනාධිපති කාර්යාලයේදීය.
ප්‍රංශය, පලස්තීනය සහ නේපාලය යන රටවල් වෙනුවෙන් මෙලෙස නව තානාපතිවරු සිය අක්තපත්‍ර භාර දී තිබේ.
ඒ අනුව, ප්‍රංශ තානාපතිවරයා ලෙස රෙමි ලැම්බර්ට්, පලස්තීන තානාපතිවරයා ලෙස ඉහාබ් අයි.එම්.කලීල් සහ නේපාල තානාපතිවරයා ලෙස ආචාර්ය පූර්ණ බහදූර් නේපාලි යන ජනපති හමුවේ අක්තපත්‍ර භාරදී ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
