Language Switcher

V2025

ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ආණ්ඩුවේ වගවීම සහතික කළ යුතු යි - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ආණ්ඩුවේ වගවීම සහතික කළ යුතු බව දන්වමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කාරිනී හනා ඊබ්‍රහිම්ගේ සහ එම ව්‍යාපාරයේ ලේකම් ලසන්ත ද සිල්වාගේ අත්සනින් යුතුව නිකත් කර ඇති මෙම නිවේදනයේ සඳහන් වන පරිදි ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ගුවන්විදුලි සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනිය යන රාජ්‍ය මාධ්‍ය ත්‍රිත්වය පාඩු ලබන බැවින් ඒකාබද්ධ පාලන ව්‍යුහයක් තුළ ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලස්මක් රජය පාර්ශ්වයෙන් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක සිය නිල චීන සංචාරයේ දී අත්සන් කළ ගිවිසුම් අතරින් එකක් රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් වන බවත්, එම ගිවිසුම සම්බන්ධ තොරතුරු ජනමාධ්‍ය සංවිධාන මගින් ඉල්ලා සිටි යද මේ දක්වා හෙළිදරව් කර නැති බවත්, එබදු පසුබිමක නව ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම සහ අදාළ ගිවිසුම අතර සම්බන්ධයක් තිබෙන බවට සැකසංකා පහළ වී ඇති බවත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙම මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත.

එබැවින් රාජ්‍ය මාධ්‍යයට අදාළව චීනය සමග අත්සන් කළ ගිවිසුම්වල සඳහන් කරුණු ප්‍රකාශයට පත්කිරීම සහ ප්‍රතිව්‍යුගතකරණ සැලැස්මක් ඇත්නම් එය ඉදිරිපත් කර ක්ෂේත්‍රයේ සහ ග්‍රාහක පුරවැසියන්ගේ ද අදහස් විමසා අවශ්‍ය කටයුතු කිරීම රජයේ වගකීම බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.

මතු දැක්වෙන්නේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරනු ලැබ ඇති සම්පූර්ණ නිවේදනය යි.
485962326 9790981207578582 851296278559703398 n
(සටහන | ජයසිරි අලවත්ත)