චාමර ඇප මත මුදා හැරේ

චාමර ඇප මත මුදා හැරේ

දූෂණ චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අද (27) දින ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව සැකකාර මන්ත්‍රීවරයා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඉන් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී  හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර 2ක් මතමුදා හැරීමට නියම කළේය.

සැකකරුගේ විදේශ ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටත් නියෝග කර ඇත.

ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සැකකරු ඇප මත මුදාහරිණ ලෙසත් මහේස්ත්‍රාත් වරිය නියම කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න