ඇප ලැබුණ චාමර වෙනත් නඩුවකට යළිත් රිමාන්ඩ්

ඇප ලැබුණ චාමර වෙනත් නඩුවකට යළිත් රිමාන්ඩ්

නඩු තුනක් සම්බන්ධයෙන් අද (27) දිනයේ අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක නඩු දෙකකින් ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඒ අනුව චාමර සම්පත් දසනායක  අප්‍රේල් 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඒ, රාජ්‍ය බැංකුවකින් මුදල් ඉල්ලා, කළමණාකාරවරයා එය ලබා දීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව පළාත් සභාව පවත්වාගෙන ගිය සියලු ස්ථාවර තැම්පතු එම බැංකුවෙන් ඉවත් කර ගැනීම නිසා රුපියල් මිලියන 23 ක පාඩුවක් රජයට සිදු කිරීම සම්බන්ධයෙන් වන චෝදනාව යටතේ ය.

ප්‍රකාශයක් දීම සදහා පැමිණි අවස්ථාවේ චෝදනා තුනක් යටතේ අල්ලස් කොමිසම, අද පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගත්තේ ය.

රාජ්‍ය බැංකු දෙකකින්, රුපියල් මිලියන දෙකහමාරක මුදලක් ඌව පළාත් සභාවට ලබා ගෙන එම මුදල් චාමර සම්පත් දසනායකගේ පදනමේ ගිණුමට බැර කරවා ගැනීම ඉන් එක් චෝදනාවකි.

තවත් රාජ්‍ය බැංකුවකින් පළාත් සභාවට ලබා ගත් රුපියල් මිලියනයක මුදලක් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස බැංකු ශාඛාවකින් කෙලින්ම ඔහු අතට ලබා ගැනීම, අනෙක් චෝදනාවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න