ඊයේ (27) රාත්‍රියේ කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවති සත්‍යග්‍රහයේදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වන මධුෂාන් චන්ද්‍රජිත් ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් 27 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් සම සෞඛ්‍ය උපාධිධාරීන් වහාම රාජ්‍ය අංශයට බඳවා ගන්නා ලෙස ඉල්ලා ඔවුන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබුණි.
පසුව ඊයේ (27) රාත්‍රීයේ පොලීසිය පැමිණ විරෝධතාකරුවන් එම ස්ථානයෙන් බලහත්කාරයෙන් ඉවත් කළ අවස්ථාවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය මත ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.
මරදාන පොලිස් වසමේ රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුලුවීම හා ඒ අවට මාර්ග අවහිර වන ලෙස උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීම තහනම් කරමින් ඔවුන්ට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ද නිකුත් කර තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
