පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සැඟව සිටීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ, විශේෂ ආරක්ෂණ කොට්ඨාසයේ කොස්තාපල්වරයෙකු සහ සිවිල් පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අධිකරණයට භාර වන්නැයි වරෙන්තු නිකුත් කර තිබියදී සැකකරුවන් විසින් දේශබන්දු තෙන්නකෝන් ට සැඟව සිටීමට ආධාර අනුබල ලබාදී ඇතැයි ද පොලීසිය සඳහන් කළේ ය.
මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය දා ඉදිරිපත්වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් දේශබන්දු තෙන්නකෝන් ලබන 03 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
