දේපළ බදු සහ කුලී ගිවිසුම් සඳහා මුද්දර බද්ද 100% කින් ඉහළට

දේපළ බදු සහ කුලී ගිවිසුම් සඳහා මුද්දර බද්ද 100% කින් ඉහළට

යම් දේපළක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම් පත්‍රයට අදාළ මුද්දර ගාස්තුව 100% කින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

අප්‍රේල් මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු ඉහළ දැමීම බලපැවැත්වෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

යම් දේපොළක් බද්දට හෝ කුලියට දීමේ දී කල් බදු ගිවිසුම හෝ කුලී ගිවිසුම සඳහා අදාළ මුළු කාලපරිච්ඡේදය සඳහා අධි මිල ද ඇතුළුව එකතු කල් බද්ද හෝ කුලිය සෑම රුපියල් 1,000ක් හෝ ඉන් කොටසක් සඳහා රුපියල් 10ක මුද්දර ගාස්තුවක් අයකිරීම මේ වනවිට සිදුවෙයි.

අදාළ මුද්දර ගාස්තුව අප්‍රේල් මස 01 වන දින රුපියල් 20 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

ඊට අදාළ ගැසට් නිවේදනය ද මුදල් අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානායක  විසින් මේ වනවිට නිකුත් කර තිබේ.

2006 වර්ෂයෙන් පසුව මෙම මුද්දර ගාස්තුව සංශෝධනය වන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

කෙසේවෙතත් පාරිභෝගික ණය පනතේ එළැඹ ඇති සින්නක්කර ගිවිසුමක් යටතේ ගෙවිය යුතු මුළු වටිනාකමෙහි සෑම රුපියල් 1,000ක් හෝ ඉන් කොටසක් සඳහා අය කරනු ලබන මුද්දර ගාස්තුව සංශෝධනය නොවන බව මුදල් අමාත්‍යංශය සඳහන් කළේය.

ඒ අනුව රුපියල් දහයක් වන අදාළ මුද්දර ගාස්තුව අඛණ්ඩව ක්‍රියාත්මක බව අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න