ඊයේ රාත්‍රියේ රාජගිරිය ප්‍රදේශයේ උත්සව ශාලාවක ඇතිවූ ගින්නකින් එම උත්සව ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
උත්සව ශාලාව තුළ ගින්න හටගන්නා අවස්ථාවේ අවුරුදු කුමර කුමරිය තේරීමේ තරගයක් පැවති බව වාර්තා වේ.
තරගය අවසන් වීමට ආසන්න අවස්ථාවේ දී එම ගින්න හටගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි.
උත්සව ශාලාවේ තිර රෙදිවල ගින්න හටගෙන අනතුරුව විනාඩි කිහිපයක් තුළ සමස්ත ශාලාව තුළම ගින්න පැතිර ගිය බව සිද්ධිය ඇසින් දුටුවෙකු සඳහන් කරයි.
කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති අතර, කිහිප දෙනෙකු සුලු තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.
ගිනි නිවන අංශ ගින්න පාලනය කිරීමට උත්සාහ කළ ද ඒ වනවිටත් ශාලාව පුරා ගින්න පැතිරීගොස් ඇති බව වාර්තා වේ.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ සඳහා ගිනි නිවීම් රථ 4 ක් යොදා ගත් බවයි.
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවීම් රථ දෙකක් ද, ඒ සඳහා යොදාගෙන තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
