පළාත් පාලන මැතිවරණයේ රාජකාරි හේතුවෙන් සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු, අද (06) සිට අවලංගු කර තිබේ.
නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා සඳහන් කළේ, පළාත් පාලන මැතිවරණය අවසන් වනතෙක් නිවාඩු අවලංගු කෙරෙන බවයි.
මේ අතර තැපැල් ඡන්ද පත්‍රිකා හෙට(07) තැපෑලට භාරදෙන බව, මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.
පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්දය, ලබන 22, 23, 24 දිනවල පැවැත්වීමට නියමිතයි.
එම දිනවල ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවන ඡන්ද දායකයින්ට, අප්‍රේල් 28 හා 29 යන දිනවල ද, ඡන්දය සලකුණු කළ හැකියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
