පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
ඒ, බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අද (07) පෙරවරුවේ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
ඒ, සැකකාර මන්ත්‍රීවරයා ඌව පළාත් මහ ඇමති ලෙස කටයුතු කල කාලසීමාවේ පළාත් සභා ලිපි ශීර්ෂය යොදාගනිමින් පෙර පාසල් සඳහා රුපියල් මිලියනයක මුදල් එක්රැස් කර, එය තමාගේ නමින් චෙක්පතකින් ලබාගත් බව කියන චෝදනාවට අදාළවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මූල්‍ය චෝදනා කිහිපයකට අදාළව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
