දේශබන්දු ඉවත් කරන්න කමිටුවක් පත් කිරීමේ යෝජනාව සම්මතයි

දේශබන්දු ඉවත් කරන්න කමිටුවක් පත් කිරීමේ යෝජනාව සම්මතයි

වැඩතහනමකට ලක්වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වූ පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව අද (08) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

එම යෝජනාව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලී හේමචන්ද්‍ර  විසින් ඉදිරිපත් කළාය.

එහිදී පැවති ඡන්ද විමසීමේදි ඒකමතිකව එම යෝජනාව සම්මත විය.

විෂමාචාරය සහ ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් ඒ මහතා ධුරයෙන් ඉවත් කිරීම සඳහා මෙම පරීක්ෂණ කමිටුවක් පත්කළ යුතු බවට මන්ත්‍රීවරිය විසින් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් යෝජනා කළාය.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  රඳවා සිටින්නේ, දුම්බර බන්ධනාගාරයේයි.

2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයකු මරණයට පත්ව තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබීමට අදාලව දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගියදා අත්අඩංගුවට ගත්තේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න