කෑගල්ල මැතිවරණ කොට්ඨාසයේ ජාතික ජනබලවේගය නියෝජනය කළ කෑගල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරගේ අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට රත්නායක මුදියන්සේලාගේ සමන්ත රණසිංහ තෝරා ගත් කර ගත් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (13) (ආ) අනුව්‍යවස්ථාවට අනුව හා 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64 (2) වන වගන්තිය යටතේ ක්‍රියා කරමින් මෙලෙස රත්නායක මුදියන්සේලාගේ සමන්ත රණසිංහ පත් කර ගෙන ඇත.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කෝසල නුවන් ජයවීර පසුගිය 06වැනිදා අභාවප්‍රාප්ත වූ අතර, මිය යන විට මන්ත්‍රීවයා 38වැනි වියෙහි පසු විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
