ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම එළිදක්වයි

ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම එළිදක්වයි

සුපිළිපන් දේශයක් කරා තේමා කරගනිමින් 2025 වසරේ සිට ඉදිරි වසර පහක කාලය තුළ මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත “ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025-2029” එළිදැක්වීම කොළඹදී අද (09) සිදුකෙරුණි.

එම ජාතික සැලැස්ම ජනාධිපති අනුර කුමාර දිසානායකට පිළිගන්වනු ලැබුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති, හිටපු අභියාචනාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල  විසින්ය.

ශ්‍රී ලංකාව තුළින් අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වූ ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි කාලය 2025 දෙසැම්බර් මස අවසන් වන බැවින්, එම සැලැස්ම සමාලෝචනය කර නව ජාතික ක්‍රියාකාරී සැලැස්ම ලෙස සකස් කිරීම සිදුකර තිබේ.

ශ්‍රී ලංකාව තුළ අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වූ “දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම, 2025-2029” සකස් කිරීම සඳහා රාජ්‍ය අංශය, පුද්ගලික අංශය, සිවිල් සංවිධාන, ජනමාධ්‍ය, ප්‍රජාපාදක සංවිධාන, මහජන නියෝජිතයින්, තරුණයන්, දරුවන්, ආගමික සංවිධාන ඇතුළු සමස්ත මහජනතාවගෙන් සැදුම්ලත්, පළාත් මට්ටමින් හා ජාතික මට්ටමින් අදහස් සහ යෝජනා කැඳවීම සඳහා වූ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් පියවර ගෙන තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න