'හරක්කටා' නඩත්තු කරන්න රාජ්‍ය වියදම මාසෙකට රුපියල් කෝටියක් ?

'හරක්කටා' නඩත්තු කරන්න රාජ්‍ය වියදම මාසෙකට රුපියල් කෝටියක් ?

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙක් ලෙස සැලකෙන නදුන් චින්තක නොහොත් හරක්කටා ආරක්ෂිතව රඳවාගෙන තබා ගැනීම සඳහා මසකට මහජන මුදලින් රුපියල් කෝටියකට ආසන්න ප්‍රමාණයක් වැය වන බව හෙලිදරව් වේ.

නදුන් චින්තක (හරක් කටා) 2023/03/07 දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (TID) විසින් අත්අඩංගුවට ගෙන, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවාගෙන සිටියි.

රටේ ප්‍රබල දේශපාලකයින්, ආරක්ෂක අංශ ප්‍රධානීන්, පොලිස් ප්‍රධානීන් සමග සම්බන්ධතා ජාලයක් සහිතව බිහිසුණු අපරාධ රැසක් සිදුකර ඇතැයි පැවසෙන හරක්කටා සම්බන්ධව කෙළවරක් නොදකින ආකාරයේ විමර්ශනයක් සඳහා ඔහු හුදකලාව රඳවාගෙන තබා ගෙන ඇත්තේ තංගල්ල පැරණි බන්ධනාගාරයේය. වාර්තාවන ආකාරයට එහි රැඳවා තබා ඇත්තේ ඔහු පමණකි.

ඔහුගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 63ක්, STF නිලධාරීන් 24ක් ඇතුළු ආරක්ෂක නිලධාරීන් 87ක් පමණ යොදවා තිබේ. එක් නිලධාරියෙකුගේ වැටුප දල වශයෙන් රුපියල් ලක්ෂයක් ලෙස සැලකුවහොත් මාසික වියදම රුපියල් ලක්ෂ 87කි. ආහාර සඳහා එක් අයෙකුට තුන් වේල සඳහා රුපියල් 1150ක වියදම රාජකාරි මාරුව සලකා 50ක් යැයි උප කල්පනය කළහොත් මාසයක් සඳහා ඒ මිල රුපියල් 16,10,000කි.

ජල බිල් සහ වතුර බිල්, මසකට ඔහුව අවස්ථා ගාල්ල කොළඹ උසාවි සඳහා රැගෙන ඒමට පැමිණෙන අවම වාහන 4ක පිරිවැය ගණනය කළ විට එන මුදල ඇතුළු සමස්ථ වියදම රුපියල් කෝටියකට ආසන්න බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙම සැකකරු මීට වඩා ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ හැකියාවක් පිලිබඳව ආරක්ෂක අංශවල අවධානය යොමු විය යුතු බවත් ජාතියට අතිශයින්ම වැදගත්වන ඉදිරි විමර්ශනවල ඵලදායීතාවය දැඩි අවධානයකින් යුතුව හැසිරවීම රටට වැදගත් බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

(මුලාශ්‍රය | lankasara)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න