ශ්‍රී ලංකාවේ වයස්ගතම සත්වයාගේ නැකැතට හිස තෙල් ගායි

ශ්‍රී ලංකාවේ වයස්ගතම සත්වයාගේ නැකැතට හිස තෙල් ගායි

අලුත් අවුරුදු චාරිත්‍ර අතර සුවිශේෂී ස්ථානයක් ගන්නා හිස තෙල් ගෑමේ උත්සවය යෙදී තිබූ අප්‍රේල් මස 16 දින පූර්වභාග 09.04 ට යෙදුණ නැකතට අනුව උතුරු දිශාව බලා හිසට දිවුල් කොළද පයට ඉඹුල් කළද තබා සංඝරත්නයේ සෙත් පිරිත් සච්ඡායනය මැද හිස තෙල් ගෑම දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී සිදු කෙරිණි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන රාජපක්ෂගේ උපදෙස් මත නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු , ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය නිලධාරි ධම්මිකා දසනායක මහත්මිය ඇතුලු,පශු වෛද්‍ය වරියන් වන අමිලා කලුතන්තීරිගේ, දිනූෂා සොන්නන්රදර, ඇතුලු සත්වෝද්‍යාන පාලන අධිකාරිය උසස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් දෙහිවල ප්‍රතිබිම්බාරාම විහාරවාසී විලච්චියේ විමලසාර නාහිමියන් ,පැපිලියාන සුගතහිමි ඇතුළු මහා සංඝරත්නය විසින් හිසතෙල් ගෑම සිදුකරනු ලැබිණි.

සත්වෝද්‍යානයේ වාසය කරන ,කඩොල් ඇතාගේ නැකතට තෙල් ගෑම සිදුකල අතර, දැනට ශ්‍රී ලංකාව තුළ ජීවත් වන වයස්ගතම සත්වයා වන වයස 153 ක් වන යෝධ ඉබ්බාගේ තෙල් ගෑමද සිදු කෙරිණි.

මේ අතර මේ දිනවල සත්වෝද්‍යානයේ කාගෙත් සිත් දිනාගත් සත්ව හුවමාරු වැඩසටහන යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් දෙහිවල සත්වෝද්‍යානයට ලැබුණු දුඹුරු වලසාගේ හිස තෙල් ගෑම, සත්වෝද්‍යානය වාසය කරන ජිරාෆ් , කගවේනා ඇතුළුව තවත් සතුන්ගේ හිස තෙල් ගෑම ද මෙහිදී සිදු කරනු ලැබිණි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න