අති උතුම් ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වීම හේතුවෙන් උන්වහන්සේගේ අවසන් කටයුතු සිදු කරන අප්‍රේල් මස 26වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය පාරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් එස්. ආලෝකබණ්ඩාර විශේෂ නිවේදයක් නිකුත් කර තිබේ.
ඒ අනුව 26වැනිදා සියලුම රජයේ කාර්යාලවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට කටයුතු කරන ලෙස රාජ්‍ය පාරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දීමක් කරනු ලැබේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
