දේශබන්දු ධූරයෙන් ඉවත් කිරීමේ කමිටු සහයට පොලිස් කණ්ඩායමක්

දේශබන්දු ධූරයෙන් ඉවත් කිරීමේ කමිටු සහයට පොලිස් කණ්ඩායමක්

ධූරයේ කටයුතු කිරීම වළක්වා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි විමර්ශන කටයුතු සඳහා පත් කළ කමිටුවට සහය වීම සඳහා පොලිස් විමර්ශන කණ්ඩායමක් පත් කර තිබේ.

එම කණ්ඩායම නිලධාරීන් 04දෙනෙක්ගෙන් සමන්විත බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි විමර්ශන කටයුතු සඳහා පත් කළ කමිටුව පසුගියදා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට දැනුම් දුන්නේ ඊට සහය වීම සදහා පොලිස් විමර්ශන කණ්ඩායමක් පත් කරන ලෙසයි.

ඒ අදාළ කමිටුව පසුගිය 25 වනදා පාර්ලිමේන්තුවේදී දෙවන වරටත් රැස්වූ අවස්ථාවේදීය.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රජිත පෙරේරා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පරීක්ෂණ කමිටුවේ සහයට පත් කිරීමට ද තීරණය කෙරුණි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න